Tuesday, 26 July 2011

දර්ශනවාදයට ප්‍රවේශය - Introduction to Philosophy

ස්තුතිය: http://slpapereye.blogspot.com

දර්ශනවාදය හෙවත් Philosophy යන වචනය කොටස් දෙකකින් සමත් විතය. පුරාණ ග්‍රීක බසින් Philio යනු ආදරයයි. දෙවන කොටස වන Sophia යනු ඥාණයයි. මේ අනුව Philosophy යනු ඥාණයට ආදරය කිරීම යන අදහස වේ. එසේම ආදරය කිරීමට ඥාණය අවශ්‍ය බවද එහි ගැබ්වී ඇත.

දර්ශනවාදය බිහිවූයේ ඉතා ඈත කාලයක මිනිසුන් පළමු වෙන්ම ලෝකයේ ආරම්භය ගැන, එහි ව්‍යුහය ගැන සහ එම ලෝකයේ මිනිසා දැරූ තැන ගැන සිතීමට පටන්ගත් විටය.

දර්ශනවාදය ඉතාමත් පුරාණ විද්‍යාවන්ගෙන් එකකි. එය අවට ලෝකය අධ්‍යනය අතින් අනෙක් සියලු විද්‍යාවන්ට සමානය. එහෙත්, ලෝකය පිළිබඳව අධ්‍යනය වෙත එහි ප්‍රවේශය අතින්, එහි විෂය සහ ක්‍රමය අතින් අනෙක් විද්‍යාවන්ට වඩා වෙනස්ය.

එක් එක් විශේෂ විද්‍යාවන් අවට ලෝකයේ නිශ්චිත කොටසක් හෝ ප්‍රදේශයක්, එහි සම්බන්ධයක් හෝ සම්බන්ධතා සමහරක් අධ්‍යනය කරයි. මේ අනුව, ජීව විද්‍යාවෝ ජීවීන් සහ එහි රීතීන්ද, පැලෑටි සහ සත්ව ලෝකයේ විශේෂතාද අධ්‍යනය කරයි. ආර්ථික විද්‍යාවෝ නිශ්පාදන බලවේගයන්ගේ සහ නිශ්පාදන සබදතාවල වර්ධනය, නිශ්පාදනය සහ බෙදාහැරීමේ ස්වරූපය අධ්‍යනය කරයි. අධ්‍යාපන විද්‍යාව යනු ශික්ෂණය හා අධ්‍යාපනය පිළිබඳ විද්‍යාවකි. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, භූගෝල විද්‍යාව, සමාජ විද්‍යාව, තාරකා විද්‍යාව, ප්‍රවේනී විද්‍යාව,..... වැනි තවත් විවිධ විද්‍යා විෂය ධාරාවන් ඇත. මේ හැම එකකින්ම අධ්‍යනය කරනු ලබන්නේ ලෝකයේ නිශ්චිත කොටසක් හෝ ප්‍රදේශයක් පමණි. නමුත් දර්ශනවාදය එසේ නොවේ. එය නිතරම සමස්ථයක් වශයෙන් අවට ලෝකය, එහි ස්වභාවය හා තත්ත්වය තේරුම් කිරීමට ප්‍රයත්න දරයි. එසේම සියලු විද්‍යා විෂයන් අතර ඒකත්වයක් ඇති කිරීම දර්ශනවාදය විසින් සිදු කරයි. එනම්, සෑම විද්‍යා විෂයක් තුලම දර්ශනවාදයේ අධ්‍යන කොටසක් ඇත. එසේම සියලු විද්‍යා විෂයන්ගේ මව දර්ශනවාදයයි.

සෑම පුද්ගලයෙකුටම අවට ලෝකය ගැන තමන්ගේම දැක්මක් ඇත. මෙම දැක්ම බොහෝ විට පරස්පර විරෝධී මතිමතාන්තර රාශියකින් සැකසී ඇත. එහෙත්, දර්ශනවාදය හුදෙක් එවැනි එකතුවක් නොවේ. දර්ශනවාදය යනු සොබාදහම, මිනිසා සහ ලෝකයේ ඔහු දරන තැන ගැන මත, අසහස් සහ හැගීම් පද්ධතියකි. එනම්, දර්ශනවාදය ලෝක දෘෂ්ටියකි.

ලෝක දෘෂ්ටියක් යනු යථාර්ථය කෙරෙහි සහ තමා කෙරෙහි මිනිසාගේ ආකල්පය, සමස්ථයක් වශයෙන් සමාජයේ ක්‍රියාකාරිත්වයේ දිශාව නිර්නය කරන ප්‍රතිපත්ති, මත හා විශ්වාසයන් සමස්ථයයි. විද්‍යාත්මක ලෝක දෘෂ්ටියක් යනු පුද්ගලයාට යථාර්ථය කෙරෙහි නිවැරදි ආකල්පය දැරීමට හැකියාවක් ඇති කරන්නා වූද යථාර්ථය පිළිබඳ මත පද්ධතියකි. විද්‍යාත්මක ලෝක දෘෂ්ටිය පුද්ගලයාගේ දැනුම අඛණ්ඩ හා ඒකාබද්ධ පද්ධතියක් බවට සකස්කරමින් සමාජ සංවර්ධනයේ අවශ්‍යතාවලට අනුකූලව ප්‍රජානනය කිරීමේ හා ප්‍රායෝගික ක්‍රියාකාරිත්වයේ විද්‍යාත්මක ක්‍රමයකින් ඔහුව සන්නද්ධ කරයි.

විද්‍යාත්මක ලෝක දෘෂ්ටිය අවිද්‍යාත්මක ලෝක දෘෂටියට පටහැනිය. අවිද්‍යාත්මක ලෝක දෘෂ්ටිය ව්‍යාජ සංකල්පනා, මත හා ලෝකය පිළිබඳ ආගමික හෝ දේවකතාවල එන අදහස් මත රඳාපවතී.

නිරන්තරයෙන් වෙනස් වන ලෝකයක යම් පුද්ගලයෙකුට තමන් සතු ස්ථානය දැනගැනීමට ආධාර විය හැක්කේ විද්‍යාත්මක ලෝක දෘෂ්ටියයි. එමගින් වාස්තවික සත්‍ය දෙසට වඩවඩාත් සමීප වන අතර වෙනත් ඕනෑම ක්‍රමයක් මුසාවන් හා ව්‍යාකූලත්වය දෙසට ගෙන යෑමක් වේ.

ලෝක දෘෂ්ටිය යනු පුද්ගල ජීවිතයේ හරය වේ. පුද්ගලයෙකුගේ සමාජ ක්‍රියාකාරිත්වය නිර්නය කරනු ලබන්නේ ඔහුගේ ලෝක දෘෂ්ටිය විසිනි. එය පුද්ගලයා විසින් වටපිටාවේ යථාර්ථය සංජානනය කිරීමට හා වර්තනය කිරීමට පාවිච්චි කරන ප්‍රිස්මයකි.

3 comments:

Marshalian son said...

දාර්ශනික ප්‍රවේශයක් සොයා ගැනීම දුෂ්කර ක්‍රියාවකි ... එකම දෙය දෙදෙනෙක් දකින්නේ දෙයාකාර අන්දමින් නොවන්නේද ? { තෙවැනි ඇස ...

Marshalian son said...

MARSHALIAN SON = NOEL HAROLD MADAVITA WITHANA

Anonymous said...

දර්ශනවාදයේ විෂය අවබෝධයේදී , පුද්ගලයා තමන් ලෝකයට දක්වන සවිඥාණිකත්වයේ ප්‍රමාණය අනුවයි වටහා ගන්නේ. ඒ නිසා කිසිවිටක දෙදෙනෙක් එකම අවබෝධයට එන්නේ කලාතුරකින්.