Tuesday, 26 July 2011

දේශයේ වර්තමාන ඇවැසිතාව හෙළිකළ දාර්ශනිකයා


















උපුටා ගැනීම: http://www.tharunayaweb.lk

වර්තමාන ශ්‍රී ලංකාව නැතහොත් අප දේශය ආගමික දේශපාලන සමාජ ආර්ථික ව්‍යqහයේ ඉතාමත්ම තීරණාත්මක සන්ධිස්‌ථානයකට නැතහොත් තීරණාත්මක ඉරණමකට යොමුව ඇති බව නොරහසකි. එක පසකින් ආගමික ක්‍රියාවලියේ අනාගත තීරණමය අවස්‌ථාව එළැඹ ඇත. 2011 සම්බුද්ධත්ව ජයන්තිය ඉමහත් ගෞරවයෙන් අභිමානයේ සිහි කෙරුමට විවිධ කටයුතු ක්‍රියාත්මක වේ. අනෙක්‌ පසින් දේශපාලන ව්‍යqහයේ මුදුන් මල ලෙස සැලකෙන ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳ විශේෂිත වූත්, අනාගත ඉරණම පිළිබඳ තීරණාත්මක වූත් පිවිසීමේ අවස්‌ථාව උදාවී ඇත. වසර 40 කට පෙර (1970.07.23) දින මෙලොව දිවිගෙවුම මෙන්ම ජනතා අභිවෘද්ධියට ස්‌වඥන සම්භාරයෙන් උදාර වූ සේවයක්‌ සැලසීමට අහිමි වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශාධිපතිව සිටි මහාචාර්ය කුලතිස්‌ස නන්ද ජයතිලක වියතාණන් ඉහත අවශ්‍යතා පිළිබඳ සැලකීමේදී මූලික පදනමක්‌ ලෙස සැලකීම වඩාත් කෘතවේදී බව සටහන් කළ යුතුය. කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලුඩ්විග් විට්‌ගන්ස්‌ටයින් වියතාණන්ගේ ශාස්‌ත්‍රීය පහස ලැබීමේ අති දුර්ලභ වරම හිමිවූ ශ්‍රී ලාංකිකයා මහාචාර්ය ජයතිලකයන් බව සිහි කටයුතුය. මහාචාර්ය ජයතිලකයන් 1943 ප්‍රථම උපාධියද, 48 දී ඉන්දු ආර්ය භාෂා - සංස්‌කෘත විෂය ඇතුළත් උපාධියද, 1951 දී ශාස්‌ත්‍රපති උපාධියද, 61 දී ආචාර්ය උපාධියද හිමිකර ගති. දේශයේ අනාගතය මැනවින් දුටු මහාචාර්ය ජයතිලකයන් සිය පාලි දැනුමේ ආභාෂයෙන් ත්‍රිපිටකය තෙවරක්‌ කියෑවූ බවට ශාස්‌ත්‍රීය ලිපිවලින් මෙන්ම අතිපූජ්‍ය මඩිහේ පඤ්Æසීහ, පූජ්‍ය පියදස්‌සී නාහිමිපාණන් වහන්සේලා එවකට විවෘතව ඉදිරිපත් කළ විවිධ අදහස්‌වලින් ප්‍රත්‍යක්‍ෂ වී ඇත. බෞද්ධ දර්ශනය සර්ව සම්පූර්ණ දර්ශනයක්‌ බව ඥන විභාගය, ලෝක විභාගය, ආචාර ධර්ම, සමාජ, දේශපාලන හා ආර්ථික, නීති දර්ශනය ආදී විවිධ අංශවලින් පරිපූර්ණ බව ජයතිලකයන් ඉතා විදුහුරුව දැක්‌වීය. 2011 සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට විවිධ මුහුණුවරින් විවිධ කාර්යයන් ක්‍රියාත්මක වන බව පෙනේ. එහෙත් මෙහිදී එම වසරට හෝ සැමරීම සිහිකරන දිනයට ප්‍රදර්ශන තත්ත්වයෙන් පැවැත්වීම පමණක්‌ දේශයට හෝ ජනතාවට සුගතිගාමී නොවේ. මිනිසා වහල් බැම්මේ නොතබන ආගමක්‌ ලෙසට මානව වර්ගයාගේ සනාතන විමුක්‌ති මඟ හෙළිකරන දර්ශනය බුදු දහම බව ජයතිලක චින්තනය විය. ලොව වෙනත් කිසිදු දර්ශනයක නොමැති ස්‌ථිරසාර පදනමක්‌ බුදුදහමට විය. මහාචාර්ය ජයතිලකයන් වාග් මාලාවෙන් මෙන්ම ග්‍රන්ථ, ලිපි ලේඛන මතින් ඉදිරිපත් කළ අදහස්‌ ඒ අනුව ගොඩනැඟිණි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීමේ හඬ විවිධ මුහුණුවරින් අද ඉදිරිපත්ව තිබේ. 1972 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ බුද්ධාගම සුරක්‌ෂිත කොට පෝෂණය කළ යුත්තේය යන වගන්තිය ඇත. එහෙත් 1972 ජනරජ ව්‍යවස්‌ථාව ගැන විමසීමේදී මහාචාර්ය ජයතිලකයන් සිහි වේ. එතුමන් මෙලොවින් සමුගැනීමට පෙර දින වන විට (ජූලි 22 රාත්‍රි 11.30 ට පමණ) අපට එම ව්‍යවස්‌ථාවට බුද්ධාගම පිළිබඳ ඇතුළත් කළ යුතු කරුණු සම්පිණ්‌ඩනය කර තිබූ බව ඉතා වගකීමකින් සඳහන් කරමු. විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු ලෙස අවසන් වරට එතුමන් හමු වූ ශිෂ්‍යයා මා බවද සඳහන් කළ යුතුමය. එම අවස්‌ථාවේදී මහාචාර්යතුමාගේ ලිපි ලේඛන ඇතුළත් මේසය මත එම ලේඛනය ඇති බව මා සමගද පැවසීය. එහෙත් 23 වැනි දින එළිවන විට එම ලිපිය අතුරුදන් වූයේ අපගේ අභාග්‍යයකට දැයි මම අදත් කල්පනා කරමි. එතුමන් 1967 දී හේග් ඇකඩමියේ ආරාධනයෙන් ඉදිරිපත් කළ "ද ප්‍රින්සිපල්ස්‌ ඔෆ් ඉන්ටනැෂනල් ලෝ ඉන් බුඩිස්‌ට්‌ ඩොක්‌ටි්‍රත්" ග්‍රන්ථය ඉහත ව්‍යවස්‌ථා සංශෝධනයට අවධානය යොමුකළ බවට කදිම සාක්‌ෂියකි. මහාචාර්ය ජයතිලකයන්ගේ දේශන සමූහය ලේඛන සහ කෘති පරිශීලනයට වඩාත් විධිමත් වූත් ක්‍රමවත් වූත් ක්‍රියා පිළිවෙළකට යොමුවීම දේශයේ අවශ්‍යතාවකි. පහත කෘති පර්යේෂණය, ගවේෂණය බුද්ධිමත් හැම සතුය. බුද්ධාගම හා ජාති ප්‍රශ්නය (1960) - මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා සමග අර්ලි බුඩිස්‌ට්‌ තියරි ඔෆ් නොලේඡ් (1961) - (ආචාර උපාධි නිබන්ධය) ද ප්‍රින්සිපල්ස්‌ ඔෆ් ඉන්ටර්නැෂනල් ලෝ ඉන් බුඩිස්‌ට්‌ ඩොක්‌ටි්‍රත් (1967) ඉහත ග්‍රන්ථ පිළිබඳ දේශීය මෙන්ම විදේශීය බුද්ධිමතුන් ගෙන් ලැබුණු විවිධ හිතවාදී විචාර බහුලය. ඉහත පසුබිම යටතේ දේශයේ මෙන්ම ලෝකයේ අනාගත පැවැත්ම උදෙසා බුදුදහමින් ගත හැකි ආභාෂය පිsළිබඳ විශේෂිත වූ අවධානය යොමුකිරීම අප සැමගේ උදාර පරමාර්ථය විය යුත්තේය. ක්‍රියාවට නැංවීම සඳහා හැමගේ සහාය ලැබ දිරිමත් කිරීම දේශයේ අවශ්‍යතාවකි.

No comments: