
මහාචාර්ය නලින් ද සිල්වා ශ්‍රී ලාංකික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වන්නේය. ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වන අතර විද්‍යා පීඨයේ පීඨාදිපති ධූරය ද උසුලයි.
1944 ඔක්තෝම්බර් 20 වන දින ශ්‍රී ලංකාවේ පානදුර, කෝවිල ගොඩැල්ලහිදී උපත ලැබූ මහාචාර්ය නලින් ද සිල්වා සිය ප්‍රාථමික අධාපනය වෑකඩ(පානදුර) බෞද්ධාලෝක මහා විද්‍යාලය හාකොළඹ තර්ස්ටන් විද්‍යාලය යන විද්‍යාලවලින් ලබා ගත් අතර ද්විතියික අධාපනය සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් විය.
ඔහු 1962 දී ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ අතර 1967 දී ගණිතය පළමු පන්තියේ ගෞරව උපාධියක් සමග සමත් විය. ඔහු 1970 දී සසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් සෛද්ධාන්තික විශ්ව න්‍යාය විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේය. ඔහු විසින් සාපේක්ෂතාවාදයෙහි සාමාන්‍ය සිද්ධාන්ත ඇසුරින්, භ්‍රමණය වන අංශුවකට ප්‍රතිවිරුද්ධව ප්‍රක්ෂේපණය කරන ලද අංශුවක්, අවසානයේදී භ්‍රමණය වන අංශුවට සමානව භ්‍රමණය වන බවට ගණිතමය වශයෙන් අනාවැකි පල කළේය.[තහවුරු කරන්න] මෙය පසු කාලීනව බ්‍රිතාන්‍ය-ඇමරිකානු ගවේෂණ කණ්ඩායමක් විසින් 1980 දී සොයාගනු ලැබීය.[තහවුරු කරන්න]
නලින් ද සිල්වා මාක්ස්වාදී ට්‍රොට්ස්කිවාදී ලංකා සම සමාජ පක්ෂයේ සහ නව සම සමාජ පක්ෂයෙහි හිටපු සාමාජිකයෙක් වූ අතර මාක්ස්වාදියෙක් සහ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙකු වශයෙන් එම දෙකෙහිම නීති හදාරමින් ඔහු මාක්ස්වාදයේ සහ බටහිර විද්‍යාවෙහි පදනම පිළිබඳ දැඩිලෙස ප්‍රශ්න කිරීමට පෙළඹිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සංස්ථාපිත බටහිර දැනුමෙහි පදනම සහ ලොවපුරා එහි ආධිපත්‍යය විවේචනය කරමින් 1986 දී ඔහු විසින් මගේ ලෝකය රචනා කළේය. මෙය තුළින් තව දුරටත් ඥාන විභාගය සහ සත්භාව විචාරය පිළිබඳ හැදෑරීමකට යොමු වූ අතර එහිදී ඔහු විසින්, සංවේදන ඉන්ද්‍රියයන්ට, සංස්කෘතියට සහ මනසට සාපේක්ෂව මිනිසා විසින් දැනුම ගොඩනැගීමේ පදනම ලෙස චින්තනය නමැති සංකල්පය හඳුන්වා දී එය වැඩි දියුණූ කළේය. ඔහුගේ ලේඛනය, ගුණදාස අමරසේකර විසින් යෝජනා කළ ජාතික චින්තනයෙහි න්‍යායාත්මක සහ දාර්ශනික පදනම මත සකස් වී ඇත.
නලින් ද සිල්වාගේ කෘති සහ දේශන, එමෙන්ම ඔහු විසින් කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිතය ඉගැන්වීමේ යෙදෙන අතරතුර සිය මග පෙන්වීම ලබා දුන් ගවේෂකයෝ සංවිධානය, සහ ඔහු විසින් ලේකම් ධූරය දරන චින්තන පර්ෂදය සංවිධානය, ශ්‍රී ලාංකීය සමාජය වෙත නිසැක බලපෑමක් එල්ලකර ඇත.
නලින් ද සිල්වා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගුරු සංගම් සභාවේ (FUTA) මෙන්ම ශ්‍රී ලංකාවේ කැළණිය විශ්ව විද්‍යාලයේ විශ්ව විද්‍යාල ගුරු සංගමයේ සභාපති වන්නේය. ඔහු විසින් පුවත්පත් ලිපි එක් දහස් පන්සියයකට වඩා පළ කොට ඇති අතර එහි වූ සමහර ලිපි කාලය වෙබ් අඩවියේ ඇතුළත් කර ඇත.
[සංස්කරණය]බාහිර යොමු
[සංස්කරණය]ග්‍රන්ථ නාමාවලිය
- මගේ ලෝකය (My World) Book Pre-view
- ජාතිය සංස්කෘතිය සහ චින්තනය (Nation, Culture and Chinthanaya), Maharagama, 1991 Book Pre-view සැකිල්ල:OCLC
- බුදු දහම පාවා දීම (Buddhism Betrayed), Kelaniya, 1993 Book Pre-view සැකිල්ල:OCLC
- අපෝහකයේ රූපිකය (Formalism of Dialectics)Book Pre-view
- මාක්ස්වාදයේ දරිද්‍රතාවය (Poverty of Marxism)Book Pre-view Book Download
- ප්රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා සහ මස්සිනාලා (Prabhakaran and his relatives), Maharagama, 1995 Book Pre-view Book Download සැකිල්ල:OCLC
- An Introduction to Tamil Racism in Sri Lanka, Maharagama, 1997 Book Pre-view සැකිල්ල:OCLC (English translation of the previous book)
- නිදහසේ පහන් ටැඹ (Beacon of Freedom)Book Pre-view
- නිදහස දිනාගැනීම (Winning Freedom)Book Pre-view
- ජාතියේ ඉරණම (Fate of the Nation)
- සිංහල අවුරුද්ද (Sinhala New Year)Book Pre-view
- විද්‍යා කතාන්දර (Stories of Science)Book Pre-view
- මැතිවරණය හා හාමුදුරුවෝ (Elections and Bhikkus)Book Pre-view
- පනස්හයේ දරුවෝ (Children of Fifty Six)Book Pre-view
- අපේ ප්‍රවාද (Our Theories)Book Pre-view
- පරිසරය හා බටහිර ආකල්ප (Environment and Western Attitudes)Book Pre-view
- අපේ ප්‍රවාද 2 (Our Theories - 2)Book Pre-view
No comments:
Post a Comment