උපුටා ගැනීම : www.danuma.lk
නූතන මනෝ විද්‍යාවේ පියා ලෙස හැඳීන්වෙන්නේ සිග්මන් පේරායිඩ්ය. ඔහු ඉපැදුණේ 1856 මැයි 6 වැනි දින මොරාවේ නම් නුවර ප‍්‍රයිබර්ග් නමැති ගම්මානයේදියි. අද එම රට හඳුන්වන්නේ චෙකොස්ලෝවැකියාව යන නමින්. සිග්මන් ප්‍රොයිඩ්ගේ පියා වූ ජෙකොබ් ලොම් වෙළෙඳාමේ නිරත වූවෙක්.සිග්මන් පේරායිඩ්ට වයස අවුරුදු තුනක් පමණ වන විට ඔහුගේ පවුලෙ උදවිය වියානා නුවර පදංචියට ගියා. පේරායිඩ් හැදි වැඩුණෙත් ඔහුගේ ජීවිතයෙන් වැඩි කාලයක් ගත කෙළෙත් වියානා නුවරයි.
සිග්මන් කුඩා කල සිටම ඉගෙනීමට දක්‍ෂකම් පෙන් වූ දරුවෙක්. නිවසේ ගත කරන සෑම මොහොතකම පොත්පත් කියවන්නටයි පේරායිඩ් කැමැත්තක් දැක්වූයේ. අතමිට සරු පවුලක් නොවුණද තම පුත‍්‍රයාගේ බුද්ධිමත් භාවය ගැනත් දක්‍ෂතා ගැනත් මනා අවබෝධයෙන් සිටි ජෙකොබ් ඔහුට හැකි අයුරින් තම පුත‍්‍රයාට අධ්‍යාපනය ලබා දෙන්නට උත්සාහ ගත්තා.
නිහඬතාවයට බෙහෙවින් පි‍්‍රය කළ ප්‍රොයිඩ්ට එවැනි වාතාවරණයක් ලබාදීම පිණිස ඔහුගේ පියා පුතාට වෙනම කාමරයක්ද සකසා දුන්නා. නිවසේ වූ පියානො වාදන හඬට පවා සිග්මන් කැමැති වූණේ නැහැ. ඔහු මේ ගැන නිතරම තම දෙමව්පියන්ට පැමිණිලි කළා. අන්තිමේදී සිදු වූයේ පියානෝව විකුණා දමන්නටයි.දෙමව්පියන්ගේ බලාපොරොත්තු මල් ඵල ගන්වමින් උසස් අධ්‍යාපනයක් ලබන්නට සිග්මන් සමත් වුණා. වර්ෂ 1881 දී හෙතෙම වෛද්‍ය උපාධිය ලබා ගැනීම පිණිස වියානා සරසවියට ඇතුළු වුණා. එහිදී වෛද්‍ය උපාධිය හිමි කරගත් හෙතෙම සිග්මන් පේරායිඩ් මින් සෑහීමකට පත් වූයේ නැහැ. ඔහුට අවශ්‍ය වූයේ මිනිස් මොළය ගැන ගැඹුරට අධ්‍යයනය කරන්නටයි. ඒ නිසා ඔහු පැරීසිය බලා පිටත් වුණා.
එහිදී ඔහුට මිනිස් සිත ගැන පර්යේෂණ පැවැත් වූ මහාචාර්ය ජාන් චාර්කොට්ව ඇසුරු කිරීමේ අවස්ථාව උදා වුණා. විකෘති මනසක් ප‍්‍රකෘත කරන්නට මහාචාර්ය චාර්කොට් උපයෝගි කරගත්තේ රෝගීයාව මෝහනය කිරීමේ ප‍්‍රතිකර්මයයි. මානසික රෝගියකු මෝහනය කිරීමේදී පත්වන විවිධ මානසික අවස්ථා මනා ලෙස අධ්‍යයනය කිරීමට සිග්මන්ට අවස්ථාව උදාවූයේ මෙහිදීයි.
මිනිස් මනස ගැන කරුණු හැදෑරූ සිග්මන් පේරායිඩ් මනෝ විශ්ලේෂණවාදය ලොවට හඳුන්වා දෙන්නට පුරෝගාමී වුණා. ඔහුගේ මෙම සොයා ගැනීම ලොවට හෙළි කළ ද බොහෝ දෙනෙක් එම මතත් සමග එකඟ වූයේ නැහැ. එකල සිටි විද්වතුන් සිග්මන්ව අප‍්‍රසාදයට පත් කරමින් කතා කළා. සිග්මන් ඉදිරිපත් කළ මත විවිධ වාද විවාදයන්ට භාජනය වුණා. සිග්මන් පේරායිඩ්ගේ ප‍්‍රධාන ගෝලයන් දෙදෙනා වුණු ඇල්ෆ‍්‍රඩ් ඇඩ්ලර් සහ කාල් ජුංග් ද තම ගුරුවරයාට එරෙහිවයි කතාකළේ. තමන්ගේ මතවාද කවුරුන් ප‍්‍රතික්ෂේප කළද තමාට කෙතරම් ගැරහුම් අවමාන වලට මුහුණ දෙන්නට සිද්ධ වුණද සිග්මන් පේරායිඩ් ඉන් බිඳකුදු සැළුණේ නැහැ. තමන්ගේ මතය තව දුරටත් තීව‍්‍ර කළ හැකි සාධක සොයමින් ඔහු ඒ ඔස්සේ පර්යේෂණ මෙහෙයෙව්වා.මිනිස් යටි සිත , සිහින විග‍්‍රහය, ආදි මිනිස් සිතින් ඓශ්චර්යමත් සංසිද්ධීන් රැසක් පිළිබඳ වටිනා සොයා ගැනීම් බොහෝමයකට මුල පුරන්නට සිග්මන්ට හැකි වූයේ මේ පර්යේෂණ නිසාවෙනි. සිග්මන් ප‍්‍රකාශයට පත් කළ ‘ ස්වප්න (සිහින ) විග‍්‍රහය’ ලොව හෙල්ලූ පොතක් වුණා.
එතෙක් ඔහුව අවඥාවට ලක් කළ මහා ප‍්‍රාඥයන්ට පවා අකමැත්තෙන් වුවද සිග්මන්ව පිළිගන්නට සිද්ධ වුණේ මේ පොතේ සඳහන්ව තිබුණු කරුණු නිසායි.සිග්මන්ගේ දැනුම මිනිස් සිතට පමණක් සීමා වූයේ නැහැ. ඔහු භාෂා හතක දැනුම ඇත්තෙක් . මෙම භාෂා දැනුම ඔහුගේ සොයා ගැනීම් වලට මහත් සේ දායක වුණා. තම මත වාද ලොව පුරා ප‍්‍රචලිත කරන්නටත් තමන්ගේ දැනුම තව තවත් වැඩි කරගන්නටත් මේ භාෂා ඥානය මහත් සේ ඉවහල් වුණු බවයි සිග්මන් පවසා සිටියේ.
සිග්මන් පේරායිඩ් ඉදිරිපත් කළ සංකල්ප න්‍යායන් හුදෙක් මනෝවිද්‍යාවට පමණක් සීමා වුණේ නැහැ. චිත‍්‍ර කලාව, සාහිත්‍ය චිත‍්‍රපට, අධ්‍යාපනය , ළමයින් හැඩ ගැන්වීම , මානව විද්‍යාව වැනි විවිධ අංශ කෙරේද ඔහුගේ ආභාෂය පැතිරුණා.දෙවැනි ලෝක යුද්ධයේදී හිට්ලර්ගේ හමුදාව ඔස්ටි‍්‍රයාව ආක‍්‍රමණය කළ අතර යුදෙව් ජාතිකයෙකු වුණූ සිග්මන් පේරායිඩ්ටද හිට්ලර් ගේ හමුදාවෙන් මරණ තර්ජන එල්ල වුණා. ඒ නිසා ඔහු 1938 දී වියානාව අතහැර දමා බි‍්‍රතාන්‍යයට පළා ගියා. එහෙත් ඔහු දිගු කලක් බි‍්‍රතාන්‍යයේ ජීවත් වූයේ නැහැ. 1939 සැප්තැම්බර් 23 වැනිදා සිග්මන් පේරායිඩ් මිය යන්නේ පිළිකා රෝගය වැළඳීම නිසයි.
ඉරූෂා ග්‍රේරෝ

No comments:
Post a Comment