

1020 සේ දී කුඩා ශරීරයක් තිබු හෙයින් හමුදා සේවයෙන් ප්‍රතික්ශේප වූ ලකාන්, වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්ව ,1926 යේ දී පැරිසියේ වූ සාන්ත අනා රෝහලේ මනෝ චිකිත්සකයෙකු සේ ප්‍රවීණත්වයක් ලැබීය. මෙකල ඔහු කාල් ජැස්පර් සහ මාර්ටින් හයිඩෙගර් ගේ දර්ශනයන් කෙරෙහි මහත් උනන්දුවක් දැක්වූ අතර ඇලෙක්සැන්ඩර් කොජෙව් විසින් ජර්මන් ජාතික විඥානවාදියෙක් ( German Idealist) වූ ජෝර්ජ් විල්හෙල්ම් ෆ්රේඩ්රික් හේගල් ගැන මහේයවනලද රැස්වීම් වලට සහභාගී විය.
ජෝර්ජ් විල්හෙල්ම් ෆ්‍රෙඩ්රික් හේගල් යනු ජර්මන් විඥානවාදයේ පුරෝගාමී ආරම්භකයෙකු වූ අතර කාල් මාක්ස් , ඩේවිඩ් ස්ට්‍රවුස්, බ්රුනෝ බෝයර්, තෝමස් හිල් ග්‍රීන්, ජෝන් පොල් සාත්‍ර, ෆ්‍රැන්සිස් ෆුකුයාමා, සැල්වෝජ් සිසෙක්,රොබට් බැරැන්ඩන් වැන්නන්ගේ දර්ශනයන් කෙරෙහි මහත් බලපෑමක් ඇති කළ අයෙකි .
එම දශකයේ සහ 1938 වනතෙක් ලකාන් විසින් මනොවිශ්ලේෂණය පිලිබදව රුඩොල්ෆ් ලොවෙන්ස්ටයින් මගින් ඉගෙන ගන්නා ලදී. රුඩොල්ෆ් ලොවෙන්ස්ටයින් ප්‍රංශ මනොවිශ්ලේෂක සංගමයේ පුරෝගාමියෙකු වූ අතර පෝලන්තයේ ඉපදී ජර්මනියේ මනොවිශ්ලාෂණය ඉගෙන ප්‍රංශයේ සහ ඇමෙරිකාවේ මනොවිශ්ලේෂක කටයුතු වල යෙදුන ඉතාමත් ප්‍රසිද්ධ විද්වතෙකු විය. නමුත් ලකාන් ලොවෙන්ස්ටයින්ගේ විශ්ලේශක බොහෝ දීර්ඝ සහ සාර්ථක බවින් අඩු ඒවා වශයෙන් සලකනලදී.
කරුණු මෙසේ වුවද බොහෝ ප්‍රසිද්ධ කරුණක් වන්නේ ලකාන් තමාගේ මනොවිශ්ලෂණයට ප්‍රවිෂ්ටවීම බලපෑ පුද්ගලය හා තමාගේ එකම මනෝ විශ්ලේෂක ගුරුවරයා ලෙස සලකන්නේ ඩි ක්ලම්බෝල්ට් නම් සාන්ත අනා මානසික රෝහලේ ප්‍රදානිය වූ මනොවිශ්ලේෂකයාය. වර්තමානයේ ක්ලම්බෝල්ට් ගැන මහත් තොරතුරු සොයාගැනීමට නැතත් ඔහු ඉතාමත් දක්ෂ පුද්ගලයෙකු වූ අතර චිත්‍ර ශිල්පියෙක් , ඡායාරූප ශිල්පියෙක් ලෙසත් මහත් ප්‍රසිද්දියක් දරූ පුද්ගලයෙක් විය. ඩි ක්ලම්බෝල්ට් අතින් සිදුවූ විශේෂිතම කාර්යය වන්නේ මනෝව්‍යාධික නිමිති විද්‍යාව ( psychotic symptomatology )පිළිබදව සිදුවූ අධ්‍යනයන්ය.
1931 දී ලකාන් අවසරලත් අධිකරණ මනොචිකිත්සකයෙකු ලෙස පත්විය.1932 දී ඔහු ලියු නිබන්ධනය වූ පෞරුෂත්වයට අදාල පීඩනෝන්මාද මානසික රෝගය අරභයා ( On Paranoiac Psychosis in its Relations to the Personality )යන්නට ඩොක්ටරෙට් දෙතාට් යන උසස් උපාධිය ලැබුණි. මනොවිශ්ලේෂකයින් මෙය නොසලකා හැරියද නොයෙකුත් බුද්ධිමය ක්ෂේත්‍රයන් තුළ විශේෂයෙන්ම අධිතාත්විකවාදී කලාකරුවන් අතර මෙයට මහත් පිළිගැනීමක් ලැබුණි . අවුරුදු දෙකකට පසු ප්‍රංශ මනොවිශ්ලේෂක සංගමය ලකාන් බදවා ගන්නා ලදි. 1934 රේ ජනවාරි මාසයේ ඔහු මාරි ලුයිස් බ්ලොන්ඩින් මැතිනිය සමග විවාහ ගිවිස ගත් අතර කැරොලින් නම් පළමු ගැහැණු දරුවා පවුලට එක්විය.1939 අගෝස්තු මස පිරිමි දරුවා වූ තිබෝට් බිහිවිය.
1936 දී ලකාන් විසින් තම ප්‍රථම විශ්ලේෂනාත්මක වාර්තාව වන කැටපත් අවධිය ( Mirror Stage ) මාරිඅන්බෑඩ් පිහිටි ජාත්‍යන්තර මනොවිශ්ලේෂනාත්මක සංගම් සම්මේලනය වෙත පිරිනමන ලදී. ලකාන් තම කාලය ඉක්මවා දේශනය කරගෙන ගිය බැවින් දේශනය අවසාන වීමට පෙරම සංගම් ප්‍රධානී අර්නස්ට් ජෝන්ස් ලකාන්ගේ දේශනය නවත්වන ලදී. ඉන් උරණ වූ ලකාන් සංගමයෙන් පිටව එවකට බර්ලිනයේ පැවැත්වෙමින් තිබූ ඔලිම්පික් තරගය නැරබීමට ගියේය. අද ඔහු කළ දේශනයේ පිටපතක් සොයාගැනීමට නැත.
ලකාන් දෙවන ලෝක යුද සමයේ සිටි ක්‍රියාකාරී බුද්ධිමතෙකු වූ අතර අන්ද්රේ බ්‍රෙටන්, ජෝර්ජස් බ්‍රෙටෙඉල්,සැල්වදෝර් ඩාලි සහ පැබ්ලෝ පිකාසෝ වැන්නන් ඇසුරු කරන ලදි. මාරීස් චෝයිසි නම් ප්‍රංශ දර්ශනවේදියක් සහ ගත්කතුවරියක් විසින් අරබන ලද ම්වුමන්ට් සෛක් නම් සංගමයට සහභාගී විය. අධිතාත්වික වාදී සගරාවක් වූ මිනටුවා හි ඔහුගේ ලිපි පල කරන ලදි.
මිනටුවා (1933 – 1939 ) වූ කලී එකල තිබූ විශිෂ්ට ගනයේ කලා හා සාහිත්‍ය විචාරයන් සදහා වෙන්වුන සගරාවක් වූ අතර ඇල්බට් අකිරා නම් සුවිස් ජාතික ප්‍රකාශකය විසින් අධිතාත්විකවාදී කලාකරුවෙක් වූ අන්ද්‍රේ බ්‍රෙටන් ලවා එය කරවන ලදි. එහි මුල් පිටුව සදහා පැබ්ලෝ පිකාසෝ වැන්නන් චිත්‍ර කර ඇති අතර යුද්දයට පෙර පැවති අධිතාත්වික වාදී මතිමතාන්තර සදහා මිනටුවා කදිම තෝතැන්නක් විය. එලෙසම වැඩි ප්‍රසිද්දියක් නොලබා සිටි දක්ෂ කලාකරුවන් රැසක් ලෝකයට හදුන්වාදීමේ ගෞරවය එම සගරාවට හිමිවේ. හාන්ස් බෙල්මර්, වික්ටර් බ්රෝනර්, පොල් ඩෙල්වෝක්ස්, ඇල්බර්ටෝ ගියාකොම්ටි, රොබර්ටෝ මැටා වැනි කලාකරුවන් මිනටුවා සගරාව තුලින් මහත් ප්‍රසිද්දියක් ලැබුවෝ වෙති.
එලෙසම ලකාන් අයර්ලන්ත ජාතික ගත්කතුවරයෙකු වූ ජේම්ස් ජොයිස් විසින් ලියන ලද යුලිසස් නවකතාවේ පළමු මහජන කියවීමටද සහභගී විය.මෙයින් පැහැදිලිවන කරුණ වන්නේ ලකාන්ගේ මනොවිශ්ලේෂණයට ඇති ආශාව ඔහුගේ අධිතාත්වික දර්ශන ප්‍රවාහයට ඇති ආශාවට දෙවන වන බවයි.